පසුගිය දිනක මාලක (නූතන දුටුගැමුණු පුත්) කරණයේ තවත් පූර්වාදර්ශයක් අප ඇසුවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය මෛතීපාල සිරිසේන මහතාගේ පුත් ‘දහම් සිරිසේන‘ නැගෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පති ‘රවි විද්‍යාලංකාර‘ මහතාගේ පුත් ‘අසේල විද්‍යාලංකාර‘ ට පහර දීමය. තොරු-මොරු හැප්පීමක් වන බැවින් එය රටම දැන ගනු ලැබුවේ ඉතා ක්ෂණිකයෙන්. කවුරුත් දන්නා පරිදි මෙම පහරදී මේ දී දහම් සිරිසේන, “මගේ තාත්තා අගමැති වෙන්න ඉන්නේ... මම කාටවත් බය නෑ. මට ඕනෑ දේ මම කරනවා “ (සිද්ධයට හේතු වූයේ රවි විද්‍යාලංකාර මහතා සහ ඔහුගේ බිරිඳ මුහුදේ නාන දර්ශන දහම් සිරිසේන මහතා විසින් රූගත කිරීමට විරෝධය පල කිරීමයි) යැයි (ඔවුන්ට අනුව උදාර වාක්‍යකින්) තෙප්පුලෑවේ නිකම්ම නොවිය හැකි ය. අදාල සිද්ධිය මාධ්‍යත් හොඳින් ජප කළා. ඊට කාගේ හෝ බලයක් නොලැබිණි යැයි කිව නොහැකි ය.
නමුත්,
මෙම උණුසුම පිට 2013-02-28 (ඊයේ) දින ශ්‍රී. ල. නි. ප. යේ ජාතික සංවිධායක ධූරය බැසිල් රාජපක්ෂ මහතා වෙත හද පිරි සෙනෙහසින් පිරිනැමීමට ඔවුන්ගේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. එහි ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැටීම මීට හොඳම පසුබිම විය හැකි ය. එය එසේ සිදුවිය. මේ අනුව, සියල්ල පවුල් උරුමයක් වීමේ අවදානම එන්න එන්නම වැඩිවී යන බව පෙනී යයි. මීට කලකට ඉහත දී මහින්ද රාජපක්ෂ මහතා කියුවේ “මෙය පවුලේ උරුමයක් නොවේ“ ය (ප්‍රහාරය බණ්ඩාරනායක පවුලට විය යුතු ය) කියා ය. නමුත්, දැන් සියල්ල ඔවුන්ගේ ද පවුල් උරුමයක් වී යන අතර, ජනතාව පමණක් ඉන් ස්වායක්තව ඇත. දැන් සිරිසේන මහතා මාධ්‍යයට පවසන්නේ තමාට ඇති අනතුරු ගැනය. ඒ කාගෙන්ද කියා තාම දන්නේ නැත.
එසේනම්, අනාගතයේ අගමැතිකම බලා සිටින සිරිසේන මහතාට කුමක් ද වෙනු ඇත්තේ....
එවිට දහම් සිරිසේන ගේ සිහිනය....
මෙය පවුලේ උරුමයක් නොවේ - කවුද කියන්නේ.... බලයත්, මැරකමත් සියල්ලම මොවුන්ගේ පවුල් උරුමයන් කර ගන්න කරන උත්සාහයක් නොවේ ද මේ....