Wednesday, February 27, 2013

මෙය පවුලේ උරුමයක් නොවේ - කවුද කියන්නේ....


පසුගිය දිනක මාලක (නූතන දුටුගැමුණු පුත්) කරණයේ තවත් පූර්වාදර්ශයක් අප ඇසුවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය මෛතීපාල සිරිසේන මහතාගේ පුත්  ‘දහම් සිරිසේන‘ නැගෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පති ‘රවි විද්‍යාලංකාර‘ මහතාගේ පුත් ‘අසේල විද්‍යාලංකාර‘ ට පහර දීමය. තොරු-මොරු හැප්පීමක් වන බැවින් එය රටම දැන ගනු ලැබුවේ ඉතා ක්ෂණිකයෙන්. කවුරුත් දන්නා පරිදි මෙම පහරදී මේ දී දහම් සිරිසේන, “මගේ තාත්තා අගමැති වෙන්න ඉන්නේ... මම කාටවත් බය නෑ. මට ඕනෑ දේ මම කරනවා “ (සිද්ධයට හේතු වූයේ රවි විද්‍යාලංකාර මහතා සහ ඔහුගේ බිරිඳ මුහුදේ නාන දර්ශන දහම් සිරිසේන මහතා විසින් රූගත කිරීමට විරෝධය පල කිරීමයි) යැයි (ඔවුන්ට අනුව උදාර වාක්‍යකින්) තෙප්පුලෑවේ නිකම්ම නොවිය හැකි ය. අදාල සිද්ධිය මාධ්‍යත් හොඳින් ජප කළා. ඊට කාගේ හෝ බලයක් නොලැබිණි යැයි කිව නොහැකි ය.

නමුත්,
මෙම උණුසුම පිට 2013-02-28 (ඊයේ) දින ශ්‍රී. ල. නි. ප. යේ ජාතික සංවිධායක ධූරය බැසිල් රාජපක්ෂ මහතා වෙත හද පිරි සෙනෙහසින් පිරිනැමීමට ඔවුන්ගේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. එහි ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැටීම මීට හොඳම පසුබිම විය හැකි ය. එය එසේ සිදුවිය. මේ අනුව, සියල්ල පවුල් උරුමයක් වීමේ අවදානම එන්න එන්නම වැඩිවී යන බව පෙනී යයි. මීට කලකට ඉහත දී මහින්ද රාජපක්ෂ මහතා කියුවේ “මෙය පවුලේ උරුමයක් නොවේ“ ය (ප්‍රහාරය බණ්ඩාරනායක පවුලට විය යුතු ය) කියා ය. නමුත්, දැන් සියල්ල ඔවුන්ගේ ද පවුල් උරුමයක් වී යන අතර, ජනතාව පමණක් ඉන් ස්වායක්තව ඇත. දැන් සිරිසේන මහතා මාධ්‍යයට පවසන්නේ තමාට ඇති අනතුරු ගැනය. ඒ කාගෙන්ද කියා තාම දන්නේ නැත.
එසේනම්, අනාගතයේ අගමැතිකම බලා සිටින සිරිසේන මහතාට කුමක් ද වෙනු ඇත්තේ....
එවිට දහම් සිරිසේන ගේ සිහිනය....
මෙය පවුලේ උරුමයක් නොවේ - කවුද කියන්නේ.... බලයත්, මැරකමත් සියල්ලම මොවුන්ගේ පවුල් උරුමයන් කර ගන්න කරන උත්සාහයක් නොවේ ද මේ....

Monday, February 25, 2013

(ආ)තෙල් ඇමති ආර්ථික උත්පාදකයෙක්?

දැනට ටික දිනකට පෙර සිට ඉදිරි තෙල් වැඩිකිරීමේ අවස්ථාව සඳහා මුට්ටිය ඔබා බලමින් සිටින ලදී. ඒ අතරින් බස් ගාස්තු සංශෝධනයපැමිණෙන බැවින් ඊට ජනතාවගෙන් (මඟීන්ගෙන්)එල්ලවන විරෝධීතාව පූර්ව මර්ධනයකට ලක් කරනු වස් “අර්ධ සුඛෝපෝභෝගී බස්සේවාව අවලංගු කරන බව වැනි ප්‍රචාර ගෙන ගියේ ය.
තෙල් සංස්ථාවේ ඇමති මාරු කළේ ඊයේ (ජනවාරි 28) පෙරේදාය, අලුත් ඇමති අමාත්‍යාංශයට ගෙවදින දා රුපියල් මිලියන 10 ක පමණ මුදල් කාබාසිනියා කළ අතර, දැන් ඔහුගේ (සැබවින්ම නායකතුමාගේ) මිල සූත්‍රය ක්‍රියාවට නංවා ඇත. අමාත්‍යාංශයේ සහ රටේ දූෂණ,අක්‍රමිකතා වසා ගැනීමට සහ හෙන්ජීන් ගනුදෙනු වන්දි පියවා ගැනීම ඇතුළුව තවත් ආර්ථික අවපාත ගණනාවක් සමනය කර ගැනීම සඳහාසූත්‍රය පාලන අධිකාරිය විසින්ම ගොඩනඟා ඇත.
මෙම මිල ගණන් වැඩි වීම කිරීමට නියමිතව තිබුණේ මෙම මාසයේ මුල් දී නමුත්, ලෝක වෙළඳපොළේ සහායක් (මිල වැඩිවීමක්) ලබා ගතනොහැකි බැවින් තව දුරටත් කල් නොයවා අදාළ සූත්‍රය 2013-පෙබරවාරි 22 වෙනි දින රාත්‍රී (සුපුරුදු පරිදි රාත්‍රී 12 කනිසමට) ක්‍රියාවේනැංවීය. නමුත්, මෙය හලාල් ව්‍යාපෘතියේ කූට වැඩක් නොව. 100% රජයේ ක්‍රියාකාරකමකි. 
මේ අනුව, මිල ඉහළ නැංවීම (රජයේ ප්‍රසිද්ධ කියමන “මිල සංශෝධනය“) පහත පරිදි සිදුවිය.
රැපියල් 159 ක්ව පැවැති ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 162 දක්වා ඉහළ යන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල්ලීටරයක මිල රුපියල් 170 දක්වා ඉහළ යයි. ඩීසල් ලීටරයක නව මිල රුපියල් 121 ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේරුපියල් 145කි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 111 සිට 115 දක්වා ඉහළ යයි. 
මීට අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැම්මේ පසුගිය වසරේ (2012) දෙසැම්බර් 15 වැනිදාය. 
එහිදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දැමුවේ ය.
සුපුරුදු පරිදි වසරකට දෙවරක් පමණ තෙල් මිල ඉහළ දමන බැවින් මීළඟ මිල ඉහළ දැමීම, වයඹ-මධ්‍යම-උතුරු පළාත් සභා ඡන්දයඅවසානයේදී සහ අය වැයට ප්‍රථමව බලාපොරොත්තු වන්න. මේ අවුව “මෛත්‍රී“ උන්ගේ ආර්ථික (රටේ නොව පාලකයන්ගේ) උත්පාදකයෙක් විය.

Monday, February 18, 2013

අනේ මන්දා ෴


පසුගිය කාල වකවානුවේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රොහල් සිද්ධි කිහිපයක් ම විය.

  1. තරුණියකගේ අතක් කැපීම.
  2. එම් ආර් අයි පරීක්ෂණයකදී දැරියක්හට සිදුවූ මාරක අනතුර.
  3. කාන්තාවක් ෆයිබ්‍රොයිඩ් ශල්‍යකරමයකට පසු මියාම.

දෙවන සිද්ධිය සඳහා දැනට අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ඇතත්, ඒ පිළබඳව දැන් අපට අසන්න ලැබෙන පුවතක් පෙන්වා දීමට කැමයිතියි. අදාළ සිද්ධිය පෙර වාර්තා කිරීමේදී මාධ්‍ය ආයතන පවා රෝහලේ නම භාවිත නොකර පෟද්ගලික රෝහලක් යන පොදු නම භාවිත කරනු ලැබුවා අපට මතකයි.

නවලෝක රෝහල පවසනුයේ, දැරිය කිසි ලෙසකින්වත් ස්කෑන් යන්ත්‍රයට ඇතුළු කර නැති බවත්, කුඩා කළ සිටම තිබෙනවා යැයි කියන වලිප්පුව රෝග තත්ත්වය ස්කෑන් යන්ත්‍ර කාමරයට ගෙන ගිය පසු මතුවීමෙන් පසු මතුවීමෙන් ඇය අසාධ්‍ය වී පසුව මිය ගිය බවයි. 

නමුත්, දැරියගේ මව පෙර පවසා තිබුණේ, (පුවත්පත්වල තිබූ පරිදි) යන්ත්‍රය තුළදී මෙම සිදුවීම වූ බවත්, දරුවා ඉන් ඉවතට ගන්නා විට නිල් පැහැ ගැන් වී තිබූ බවත්ය. පුවත්පත් වාර්තා අනුව ඔක්සිජන් සැපයුම අඩාල වී අනතුරට හේතුවූ බව පෙන්වා දී තිබුණි. දැන් මෙම එකිනෙකට පරස්පර පුවත් කියැවූ අප උස්සා පොළෝවේ ගැසුවා මෙනි. පළමු පුවත ද හරි දෙවන පුවත ද හරි? 

- - - - - - - - - - - - - - -
ඔබට පහත සිද්ධීන් මතක ද?
සමෘද්ධි නිලධාරියෙක් තමා විසින්ම ගස් බැඳ ගත්තායැයි පැවසීම,
ආරක්ෂක නිලධාරියෙක් තමා විසින්ම පෙරළි පෙරළී ගසා ගැනීම,

******************
සැබෑ මවු සෙනෙහස මුදලට / බලයට යටත් කළ නොහැකි බව මා සිතමි.
******************

Thursday, February 7, 2013

මනුතාපය නැවත කියෙවුවෙමි.

අද බොහෝ දෙනෙත් “සුජාත දියණී“ සිහිනයේ ඇලී ගැලී ගිලි සිටින මොහොතක, සමාජ යථාර්ථය දෙස නෙත් යොමා බලන්න. පාසලේ වියදම් කොටසක් දෙමාපියන් මත, ඒ ඔහුන්ගේ දරුවන් පාසැල් යන නිසා ද?
දරිද්‍රතාවයේ ගිළි සිටිනා මෙවන් දුවා-දරුවන් කොතෙක් ඇති ද....?
මේ හෙළි කරනුයේ එවන් සමාජ පැතිකඩක් නොවේ ද....?

උපුටා ගැනීම ‘දිවයින‘ 2013-02-07
රුපියල් 320 ක්‌ වටිනා පොල් ගෙඩි 8 ක්‌ අනුන්ගේ වත්තකින් අහුලා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වයස අවුරුදු 13 ක පාසල් ශිෂ්‍යාවක රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදාහරින ලෙස හොරණ වැඩබලන මහෙස්‌ත්‍රාත් මානෙල් ගුණතිලක මහත්මිය නියෝග කළාය.
පාසලේ තීන්න ගෑම සඳහා රුපියල් 800 ක්‌ පාසලෙන් ඉල්ලූ බවත් එය ගෙවා ගැනීමට තම දෙමාපියන්ට වත්කමක්‌ නොමැති බැවින් අසල වත්තකින් මෙසේ පොල් අහුලා ගත් බව ඇය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයේදී ප්‍රකාශ කළාය.
පැමිණිලිකරු වූයේ හොරණ අරමනාගොල්ලේ පදිංචි ************* නමැති අයෙකි.
පාසල් සිසුවිය වෙනුවෙන් නීතිඥ තුෂාර ගුණරත්න හා රොෂාන් දෙහිවල යන මහත්වරුන් නොමිලේ නීතිඥ සේවාව ලබාදීම ද විශේෂ සිදුවීමක්‌ විය. සිසුවිය දෙමාපියන්ට භාර දෙන ලෙස නියෝග කළ විනිසුරුවරිය ඇය පිළිබඳව පරිවාස වාර්තාවක්‌ කැඳවන ලෙස ද වැඩිදුරටත් නියෝග කළාය.
උපුටා ගැනීම අවසන්.

මෙම කතාව කියවද්දී ඔබට ආර්කේ නාරායන් ගේ මල්ගුඩි දවසක් කතාමාලාව සිහි නොවේද....?

පාන් ගෙඩියක් සොරකම් කළ වරදට වයස අවුරුදු 8 ක දරුවෙකුගේ අතක් වාහනයකට යට කළ ඉරානයේ සිදුවීම ඔබට මතක ද....?
ඔස්ට්‍රො-හංගේරියානු ආධිරාජ්‍යය විසින් 1918 මාර්තු 21 කුසගිනි නිසා දින ‘පාන්‘ සොරකම් කළ දරුවන් පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීම ඔබ අසා ඇති ද?
ප්‍රංශයේ කීර්තිමත් නවකථා කරුවෙකු වන වික්ටර් හියුගෝ (Victor Hugo) විසින් රචිත The Miserable හෙවත් සිංහල පරිවර්තනයට අනුව ‘මනුතාපය‘ යේ ප්‍රධාන චරිතය වන ජෝන් වැල් ජෝන් හෙවත් ‘ජනවර්ජන‘ සිය සොයුරියගේ දරුවා වෙනුවෙන් පාන් ගෙඩියක් සොර ගෙන මුහුණ දෙන සිදුවීම....

මේ අපට සිහි ගන්වනුයේ කුමක්ද....?
ඇය සොරකමට පොළඹවූ සමාජ යාථාර්ථය කුමක්ද....?

Sunday, February 3, 2013

සුජාත දියණී කළ විනය....!


“සුජාත දියණී“ කළ විනය අපේ බහුතරයකට තේරුම්ගන්න නොහැකි විය‍.  මේ එහි අනුටු ඵලයකි. විටෙක පුවත්පතතක ඔබේ දියණියට චංගුමීගේ ඇඳුම් මෝත්තර මසනා අයුරු සහ පතරෝම් ලබා දේ, තවත් පුවත්පකත් නිවසේ සිරියාකාන්තාව ලෙස ප්‍රදර්ශනය කිරීමට පෝස්ටරයක් ලබා දේ. ටියුෂන් මුදලාලිලාගේ වෙළඳ දැන්වීම් කළමනාකාරිය චංගුමි වේ. ළමුන්ට පොතේ අලවා ගන්න චංගුමී ස්ටිකර් ලබා දේවි.... 

රටේ පාලනය දෙස නෙත් යොමුවීම වැළකීමට, 
ද. කෝරියානු සංස්කෘතිය මේ රටට එබ්ඹවීමට,
ස්වයංව සිතීමේ වාරණය පෝෂණය කරවීමට,
මහත් සේ දායක වූ මෙය කුමන කලා කෘතියක් ද? කලාව යනු යථාර්ථය සෞන්දර්යාත්මක ලෙස මිනිස් මනසේ ප්‍රකෘත්තිමත් කිරීමකි. මේ කුමක් ද ....?

සුජිත දියණී, අපෙන් උදුරාගත් දෑ බොහෙමයි.
සුජිත දියණී විශ්‍රාම ගොස් හෙට අනිද්දා තවත් ටෙලි බයිලයක් දිගහැරේවි....

හ_ස_න්_ත......,
බලන්න අපේ රටේ ආශ්චර්ය....! මේකනම් පුදුම හිතෙන යුගයක්....! 


Followers

දැනුම, තාක්ෂණීක සහ විවිද

සාහිත්‍ය, විනෝද, සංකල්පනා2