Tuesday, January 29, 2013

ඇමති ආශ්චර්ය්‍ය....



මේ ගසේ බොහෝ - කොළ ගොඩාක් ඇතේ
වැඩිය කන්න ඕන නිසයි - උඩින්ම තිබ්බේ.
(2012 ජනවාරි 28 අමාත්‍යාංශ සංශෝධනය)
  1. ඉංජිනේරු කටයුතු ඇමතිතුමන් O/L පමණක් සමත්ය
  2. එතුමන් Libiya ලෙස ලියන ලිබියාව සිතියමේ අප දකින්නේ Libya ලෙසය
  3. එතුමන් අංගුලිමාල බුදුන්ට ගල් පෙරලු බව පවසයි
  4. එතුමන් චෙන්නයි නුවර ලිබියාවේ පිහිටා ඇති බව පවසයි
  5. නිමල් සිරිපාල ඇමතිවරයා පවසන පරිදි බුදුරජානන් වහන්සේ මහියංගනයට වැඩම කලේ චුල්ලොදර මහෝදර සටන නැවැත්වීමටය.
  6. අධ්‍යාපන සේවා ඇමති O/L පමණක් සමත්ය.
  7. අපරිමිත වූ විශය පථයක් වන සීනී, තනිකරම සීනි සඳහා වෙනම ඇමතිකෙනෙක්....!
  8. විනෝද උද්‍යාන බලා ගැනීම සදහා උයන්පල්ලෙක් වෙනුවට විනෝද ඇමති කෙනෙක්.....!
  9. කැලේ සත්තු ටිකටයි කැලේටයි වෙන වෙනම ඇමතීන්....
  10. ....

Sunday, January 27, 2013

අමාත්‍ය අච්චාරුව



හෙට (ජනවාරි 28) දින නැවත වරක් අමාත්‍යාංශ වෙන්දේසියක් සැලසුම්කර ඇත.

මේ අනුව නාමල් රාජපක්ෂ මහතාට නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලැබිමට වැඩි ඉඩක් ඇත.

චම්මික රණවක මහතාගේ විදුලිබල ඇමතිකම මහින්දානන්ද අලූත්ගමගේ ට ද, අනුර ප්‍රියදර්ශන මහතාගේ ඇමතිකම සහ සුසිල් ප්‍රේම්ජයන්තගේ ඇමතිකම එකිනෙකාට මාරු කිරීමටද, දැනට නි. අමාත්‍යවරු කිහිප දෙනෙකුට කැබිනට් ඇමතිකම් ද හිමිවීමේ භාග්‍ය උදාවී ඇත.

බොහෝ දෙනා දෙනා ඇමතිකම අනා ගනී. අමාත්‍යාංශ මාරුකළ පසු එය ජනතාවට අළුත් මුහුණකි. එබැවින් තව කාලයක් පාලනය ඇදන් දිව හැකි ය.

අවශ්‍ය අමාත්‍ය සංශෝදන ද.... ?

Saturday, January 26, 2013

අවසරයි....


ගලබොඩ අත්තේ ඥානසාර නම් භික්ෂුව ‘බෞද්ධයින්ට විවාහ පහක් කර ගැනීමට අවසර ලබා දිය යුතු‘ යි යනුවෙන් ඉල්ලූ පුවතක් පසුගියදිනක වාර්තා විය.

උන්වහන්සේට මෙසේ පිළිතුරු දිය හැකිය.

පවුලක දරුවන් සැදීමේ ඊට බලපාන තීරණාත්මක සාධකයක් වනුයේ දිළිඳු කමය. එයට විසඳුම් ලබා දීමට මේ රටේ පාලකයෝ හෝ ආගම්වල නායකයින් හෝ මේ වන තුරු සමත් වී නොමැත. අවම වශයෙන් පාලන පංතියේ නායකයන්ට වර්තමානයේ ප්‍රශ්න සඳහාවත් උත්තරීතර සභාගැබ තුළින් පිළිතුරු දිය නොහැකි තත්ත්වයක සිටී. ඔහුන්ගේ ප්‍රශ්ණ වෙනත් ඒවාය.

අප රට වැටී ඇති අගාධයෙන් ගොඩ ඒම සඳහා දුසිම් ගණනේ දරුවන් සෑදීම නොව අවශ්‍ය වනුයේ. රටට වැඩදායක, උගත්, බුද්ධිමත්, ගුණ ගරුක, අවංක, නීති ගරුක, යහපත් දරු පරපුරක් සෑදීමය. නැතහොත් උප්පැන්නයට පමණක් සිංහල වූ නමට බෞද්ධ වූ දරු පරපුරක් නිර්මාණය කිරීම යනු අනාගතය ගැන බිඳකුඳු හෝ නොදන්නා මෝඩ ප්‍රකාශයකි. (උන්වහන්සේ නමින් ඥානසාර ය)

ආගම්වල නායකයින් යන පදයෙන් බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාමික්, හින්දු.... සියලු ආගම්වල නායකයින් අර්ථ කථනය විය යුතු අතර, වර්ගයා බෝ කර ගැනීම ගැන සිතන එකී සියලුම ආගමික නායකයින් හටද උක්ත ප්‍රකාශය එකසේ වලංගු වේ.

කෙටියෙන් පවසමි :- ධනේශ්වර ක්‍රමයේ අර්බුද හමුවේ ඊට සහායට එක් කරගන්නා හොඳම සඟයෙක්නම්.... ජාතිවාදය....යි.

Tuesday, January 22, 2013

3/2 ඡන්ද බලය දී පත් කළ ආණ්ඩුව....!



අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මස 11 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ විශේෂ සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 110ක්ද විපක්ෂව ඡන්ද 33ක් ලැබ වැඩි ඡන්ද 77න් අද (22) පාර්ලිමේන්තුවේ දීසම්මත විය.

එම කෙටුම්පතට විපක්ෂව ඡන්දය භාවිතාකර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය පමණි.

කිසිඳු නියෝගයක් නොමැතිව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පැය 48ක් රඳවා තබා ගැනීමට එම සංශෝධනය මගින් පොලීසියට බලය පැවරී තිබේ. මේ වෙනතුරු පොලිසියේ අත්අඩංගුවට ගෙන තබා ගත හැකි උපරිම කාලය පැය 24 ක් විය. එනම් පැය 24 ක් ඇතුළත ඔහු උසාවියකට ඉදිරිපත් කළ යුතු ය. නැතිනම් නිදහස් කළ යුතුය.

Sunday, January 20, 2013

හිටපු අග විනිසුරුට මන්ත්‍රීතමක්....?


හිටපු අග විනිසුරු සරත් එන් ද සිල්වා මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලැබීමේ වාසනාව උදාවී ඇත. නැතිනම් වසනාව උදාකරගන්නා ලදී. ඊට ආසන් හේතු සාධක තුනක් මත අපට මෙය උපකල්පනය කළ හැකි ය.
1) අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න මහතාට විශ්‍රාම යාම නැතහොත් විශ්‍රාම ගැනීමට සිදුවීම.
2) පවත්න පාලන පංතියට නීතිය අවනත කරවනු වස් අග විනුසුරුතුමිය ඉවත්කිරීම සඳහා වූ දෝෂාභියෝගයට සහාය පල කිරීම.
3) නීතිය වාක්‍ය කන්ඩ දන්නා අයෙකු පාර්ලිමේන්තුවේ තබා ගැනීමෙන්, පාලන පංතියට අවශ්‍ය නීති සංශෝධනයන් පහසුවෙන් කර ගත හැකි වීම.

Thursday, January 10, 2013

කළු සිකුරාදා



නීතියේ ආධිපත්‍යය බිඳ වට්ටන පාලන තන්ත්‍රයකට විරෝධය පල කිරීම වෙනුවෙන් - නීතිඥ එකමුතුව කරන ලද ඉල්ලීම.

අද දින කළු කොඩියක් ඔසවා / පෙන්වා අපගේ ද විරෝධතාවය ඊට එක්කරමු. පුද්ගල චරිතයක්  බේරා ගැනීම සඳහා නොව.  හුදෙක් ම මේ අවනීතිය රජකරවන්න ඉඩ නොදීමට යි.

Wednesday, January 9, 2013

රිසානා නැගණීයේ.


රටේ පවු කර ගසා ගත් දිළිඳු පවුලක්, පවු කරටගත් අහිංසක නැගණියක්.
රිසානාසවුදි ගෘහ සේවිකාවන් ලෙස රැකියා සඳහා යන ශ්‍රී ලාංකික සොයුරියන්ගේ ඛේදනීයනීය ඉරණමක තවත් එක සංකේතයකිනොකළ වරදකට වරදකරු වී අපෙන් සමුගත් ‘රිසානා‘ නැගණීය
ජාතිවාදය උදෙසා නොව අපි ශ්‍රී ලාංකිකයෝ ලෙස එක්ව විරෝධය පල කරමු

Sunday, January 6, 2013

පොඩි ආරම්භයක්

දසත විසිරී පවතින බ්ලොග් එක් රැස්කර දැනුම බෙදා හැරීමට දායක වීමටත්ආධුනික බ්ලොග් කරණයේ නියැලෙන සොයුරු සොයුරින්වෙත අත්වැලක් වීමටත් මා ගන්නා කුළුඳුල් උත්සාහයකිඑමෙන්  සිංහල බ්ලොග් කලාව පුළුලුල් පරාසයක් දක්වා ප්‍රසාරණය කිරීමට මා හට  දායක විය හැකි යැයි සිතමි

නමුත් ඉදිරියට යාමට ටික කාලයක් ගතවේවි.....

Followers

දැනුම, තාක්ෂණීක සහ විවිද

සාහිත්‍ය, විනෝද, සංකල්පනා2