Saturday, January 26, 2013

අවසරයි....


ගලබොඩ අත්තේ ඥානසාර නම් භික්ෂුව ‘බෞද්ධයින්ට විවාහ පහක් කර ගැනීමට අවසර ලබා දිය යුතු‘ යි යනුවෙන් ඉල්ලූ පුවතක් පසුගියදිනක වාර්තා විය.

උන්වහන්සේට මෙසේ පිළිතුරු දිය හැකිය.

පවුලක දරුවන් සැදීමේ ඊට බලපාන තීරණාත්මක සාධකයක් වනුයේ දිළිඳු කමය. එයට විසඳුම් ලබා දීමට මේ රටේ පාලකයෝ හෝ ආගම්වල නායකයින් හෝ මේ වන තුරු සමත් වී නොමැත. අවම වශයෙන් පාලන පංතියේ නායකයන්ට වර්තමානයේ ප්‍රශ්න සඳහාවත් උත්තරීතර සභාගැබ තුළින් පිළිතුරු දිය නොහැකි තත්ත්වයක සිටී. ඔහුන්ගේ ප්‍රශ්ණ වෙනත් ඒවාය.

අප රට වැටී ඇති අගාධයෙන් ගොඩ ඒම සඳහා දුසිම් ගණනේ දරුවන් සෑදීම නොව අවශ්‍ය වනුයේ. රටට වැඩදායක, උගත්, බුද්ධිමත්, ගුණ ගරුක, අවංක, නීති ගරුක, යහපත් දරු පරපුරක් සෑදීමය. නැතහොත් උප්පැන්නයට පමණක් සිංහල වූ නමට බෞද්ධ වූ දරු පරපුරක් නිර්මාණය කිරීම යනු අනාගතය ගැන බිඳකුඳු හෝ නොදන්නා මෝඩ ප්‍රකාශයකි. (උන්වහන්සේ නමින් ඥානසාර ය)

ආගම්වල නායකයින් යන පදයෙන් බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාමික්, හින්දු.... සියලු ආගම්වල නායකයින් අර්ථ කථනය විය යුතු අතර, වර්ගයා බෝ කර ගැනීම ගැන සිතන එකී සියලුම ආගමික නායකයින් හටද උක්ත ප්‍රකාශය එකසේ වලංගු වේ.

කෙටියෙන් පවසමි :- ධනේශ්වර ක්‍රමයේ අර්බුද හමුවේ ඊට සහායට එක් කරගන්නා හොඳම සඟයෙක්නම්.... ජාතිවාදය....යි.

1 comment:

  1. ඔබ ලියා ඇති අවසානයට සම්පුර්ණයෙන්ම එකඟයි

    ReplyDelete

Followers

දැනුම, තාක්ෂණීක සහ විවිද

සාහිත්‍ය, විනෝද, සංකල්පනා2