Tuesday, January 29, 2013

ඇමති ආශ්චර්ය්‍ය....



මේ ගසේ බොහෝ - කොළ ගොඩාක් ඇතේ
වැඩිය කන්න ඕන නිසයි - උඩින්ම තිබ්බේ.
(2012 ජනවාරි 28 අමාත්‍යාංශ සංශෝධනය)
  1. ඉංජිනේරු කටයුතු ඇමතිතුමන් O/L පමණක් සමත්ය
  2. එතුමන් Libiya ලෙස ලියන ලිබියාව සිතියමේ අප දකින්නේ Libya ලෙසය
  3. එතුමන් අංගුලිමාල බුදුන්ට ගල් පෙරලු බව පවසයි
  4. එතුමන් චෙන්නයි නුවර ලිබියාවේ පිහිටා ඇති බව පවසයි
  5. නිමල් සිරිපාල ඇමතිවරයා පවසන පරිදි බුදුරජානන් වහන්සේ මහියංගනයට වැඩම කලේ චුල්ලොදර මහෝදර සටන නැවැත්වීමටය.
  6. අධ්‍යාපන සේවා ඇමති O/L පමණක් සමත්ය.
  7. අපරිමිත වූ විශය පථයක් වන සීනී, තනිකරම සීනි සඳහා වෙනම ඇමතිකෙනෙක්....!
  8. විනෝද උද්‍යාන බලා ගැනීම සදහා උයන්පල්ලෙක් වෙනුවට විනෝද ඇමති කෙනෙක්.....!
  9. කැලේ සත්තු ටිකටයි කැලේටයි වෙන වෙනම ඇමතීන්....
  10. ....

13 comments:

  1. පුදුම වෙන්න දෙයක් නෑ නිර්මල අපි ජීවත් වෙන්නේ ලංකාවේ. 8 පමණක් සමතෙක් උසස් අධ්‍යාපන ඇමතිකමකින් පිදුම් ලැබුවත් මාමා නම් පුධුම වෙන්නේ නෑ. තව බොහෝ ඓශ්වර්යය ඉදිරියේදී බලාගත හැක.

    ReplyDelete
  2. පිස්සුද අපි එහෙම වැඩිය කඩන නරක ළමයි නොවේ .

    ReplyDelete
  3. අනේ මන්දන්නේ නැහැ ඔයාට තේරෙන්නේ නැද්ද නිර්මල, රට කන්න විභාග පාස් කොරන්න ඕනෙද?

    ReplyDelete
  4. ඇයි අද රටේ ලොකුම ප්‍රශ්නය සීනි නේ.... එකටත් ඇමතියෙක් ඉන්නේ... විනෝද කටයුතු වලට, සීනි තේ කොළ වලට ඇමතිලා ඉන්න එකම රට මේක වෙන්න ඇති....

    ReplyDelete
  5. පලමු කාරණයේදි සාමාන්‍ය පෙල වත් නොලියු විපක්ෂ මන්ත්‍රීවරුන් පවා සිටින බව ඔබ නොදන්නේද?

    දෙවැනියේදි මාත් දැක ඇත්තේ හා ලියන්නේද libya ලෙසයි.

    ReplyDelete
    Replies
    1. සිටී,
      ‍උගත් පුද්ගලයින් තෝරා ගැනීමට ජනතාව සමත්විය යුතුය. මා විපක්ෂය ඉහළින් තැබුවා නොවේ. නමුත්, අමාත්‍යාංශ ලබා දීමේදී සහ අමාත්‍යාංශ නිර්මාණයේදී එය විද්‍යාත්මක පදනමක් මත සිදුවිය යුතුය.
      ලිබියාව යනු සිංහල ‍උච්ඡාරණයයි.

      Delete
    2. එසේනම් එය ජනතාවගේ වැරැද්දක්.ඔබ කියු විදිහට මට දැනුනේ කෙලින්ම ජනාධිපතිවරයාට බනිනවා වගේ.කොහොම උනත් රටේ කොයි දේශපාලඥයත් එකම ප්‍රතිපත්තියයි හරියට කරන්නේ.ඒ තමාගේ මඩිය තරකර ගැනීම.ඒක ආණ්ඩුවටත්,විපක්ෂයටත්,ජ.වි.පෙ ටත් පොදුයි

      Delete
    3. නැහැ, ජනතාව අතර සාමාන්‍ය කරණය වී ඇති මතයයි ඔබ කියනුයේ. සියලු දෙනා බඩගෝත්තරවාදී කියන සිතුවිල්ල ජනතාවගේ සිතින් ඉවත් කරන්න බැරිවන තරමට එය සමාන්‍යකරණය වී තිබෙනවා. නමුත් සත්‍ය ඊට වඩා දුරස්. එහෙත්, 100% පාරිශුද්ධ දේශපාලනයක් මා දැක නැත. ඊට මා‍ එකඟයි.
      මඩිය තර කර ගැනීමට වෙර දරන දේශපාලනයන් තේරුම් ගැන‍ිමට පැහැදිලිව පුළුවනි.
      නිර්ණායකයන් ගණනාවක් ඇත.
      මඩිය තර කර ගන්නා දේශපාලකයා ගැන නමුත් මෙසේ සරලව කිව හැකිය. මුදල් රැස්කිරීම-මුදල් රැක ගැනීම සඳහා බලය අවැසි වීම-බලය සඳහා දේශපාලනයට පිවිස‍‍‍‍‍‍‍ිම සහ පුද්ගල ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම.

      Delete
    4. නැහැයි කියලා මුලදිම අදහස් කලේ මොකක්ද?

      මාත් කියන්නේ ඔය ටිකමයි.මෙ ආණ්ඩුව විතරක් නෙමෙයි.විපක්ෂය ආණ්ඩුකරන කාලයේ උනෙත් ඔයිට වඩා අන්ත දේවල්.ඒ ගැන මතක් කරනවාට මම අකමැතියි.ජේ ආර් ගෙන් පස්සේ නියම දේශපාලන ප්‍රතිපත්තියක් සුරකින අයෙක් මම නම් දැක්කේ නෑ.

      බලය ලැබුනාම දේශපාලකයෝ උමතු වෙනවා.අර කවුදෝ දේශපාලඥයෙක් කියලා තියෙනවා බලය තියෙන කොට මොලේ නෑ.මොලේ තියෙන කොට බලේ නෑ කියලා.ඒක යූ.ඇන්.පී එකටත් පොදුයි, සන්ධානයටත් පොදුයි.

      Delete
  6. ඇමතිවරු පත්කරන්නේ විවිධ විෂය පඨ පාලනය කිරීමට යැයි තව දුරටත් සිත රවටා ගන්නේ ඇයි?

    ඇමති කම් දෙන්නේ එමගින් ගසා කෑමට ඉඩ සැලසීමටයි. පඩි සහ වරප්‍රසාද වැඩි කර ගැනීමටයි!

    ReplyDelete
    Replies
    1. මෙම පාලන ක්‍රමයතුළ සිදුවනුයේ එයයි. එකඟයි

      Delete
  7. ඇත්තටම වෙලාවකට හිතෙනවා මේ තීරණ ගන්නේ හවසට දෙකක් දා ගෙනද කියලා .

    ReplyDelete
    Replies
    1. ඔබට එසේ සිතීම පිළිබඳව මා මෙන්ම බොහෝ අය පුදුම නොවනු ඇත.

      Delete

Followers

දැනුම, තාක්ෂණීක සහ විවිද

සාහිත්‍ය, විනෝද, සංකල්පනා2