Wednesday, February 27, 2013

මෙය පවුලේ උරුමයක් නොවේ - කවුද කියන්නේ....


පසුගිය දිනක මාලක (නූතන දුටුගැමුණු පුත්) කරණයේ තවත් පූර්වාදර්ශයක් අප ඇසුවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය මෛතීපාල සිරිසේන මහතාගේ පුත්  ‘දහම් සිරිසේන‘ නැගෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පති ‘රවි විද්‍යාලංකාර‘ මහතාගේ පුත් ‘අසේල විද්‍යාලංකාර‘ ට පහර දීමය. තොරු-මොරු හැප්පීමක් වන බැවින් එය රටම දැන ගනු ලැබුවේ ඉතා ක්ෂණිකයෙන්. කවුරුත් දන්නා පරිදි මෙම පහරදී මේ දී දහම් සිරිසේන, “මගේ තාත්තා අගමැති වෙන්න ඉන්නේ... මම කාටවත් බය නෑ. මට ඕනෑ දේ මම කරනවා “ (සිද්ධයට හේතු වූයේ රවි විද්‍යාලංකාර මහතා සහ ඔහුගේ බිරිඳ මුහුදේ නාන දර්ශන දහම් සිරිසේන මහතා විසින් රූගත කිරීමට විරෝධය පල කිරීමයි) යැයි (ඔවුන්ට අනුව උදාර වාක්‍යකින්) තෙප්පුලෑවේ නිකම්ම නොවිය හැකි ය. අදාල සිද්ධිය මාධ්‍යත් හොඳින් ජප කළා. ඊට කාගේ හෝ බලයක් නොලැබිණි යැයි කිව නොහැකි ය.

නමුත්,
මෙම උණුසුම පිට 2013-02-28 (ඊයේ) දින ශ්‍රී. ල. නි. ප. යේ ජාතික සංවිධායක ධූරය බැසිල් රාජපක්ෂ මහතා වෙත හද පිරි සෙනෙහසින් පිරිනැමීමට ඔවුන්ගේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. එහි ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැටීම මීට හොඳම පසුබිම විය හැකි ය. එය එසේ සිදුවිය. මේ අනුව, සියල්ල පවුල් උරුමයක් වීමේ අවදානම එන්න එන්නම වැඩිවී යන බව පෙනී යයි. මීට කලකට ඉහත දී මහින්ද රාජපක්ෂ මහතා කියුවේ “මෙය පවුලේ උරුමයක් නොවේ“ ය (ප්‍රහාරය බණ්ඩාරනායක පවුලට විය යුතු ය) කියා ය. නමුත්, දැන් සියල්ල ඔවුන්ගේ ද පවුල් උරුමයක් වී යන අතර, ජනතාව පමණක් ඉන් ස්වායක්තව ඇත. දැන් සිරිසේන මහතා මාධ්‍යයට පවසන්නේ තමාට ඇති අනතුරු ගැනය. ඒ කාගෙන්ද කියා තාම දන්නේ නැත.
එසේනම්, අනාගතයේ අගමැතිකම බලා සිටින සිරිසේන මහතාට කුමක් ද වෙනු ඇත්තේ....
එවිට දහම් සිරිසේන ගේ සිහිනය....
මෙය පවුලේ උරුමයක් නොවේ - කවුද කියන්නේ.... බලයත්, මැරකමත් සියල්ලම මොවුන්ගේ පවුල් උරුමයන් කර ගන්න කරන උත්සාහයක් නොවේ ද මේ....

15 comments:

  1. අති විසිස්ටයි ඔබගේ අදහස.

    ReplyDelete
  2. ම්හ්හ් නියම අදහස් ටික.. දේශපාලනය පවුලේ උරුමයක් වී අවසන්ය

    ReplyDelete
  3. පවුලේ උරුමය....?

    ReplyDelete
  4. සමාවෙන්න මේ කමෙන්ට් එක පෝස්ට් එක ගැන නෙවෙයි, බ්ලොග් එක ගැන.
    මේකෙ ටෙම්ප්ලේට් එක පොඩ්ඩක් හදල දුන්නනම් හොඳයි. පෝස්ට් එක තියන කොටස (මැද තීරුව) තව ටිකක් පළල් කරල එහෙම.

    ReplyDelete
  5. ඔබ කියනා දේ වැටහෙනවා. නමුත්, මා මේ බ්ලොග් එක ඉතා කෙටි ලිපි පල කිරීමටත් බ්ලොග් සහ පුවත් සයිට් (පොඩි සින්ඩියක් පරිදි)එකතුවක් ලෙස භාවිත කරගන්න සෑදුවේ. කෙටි ලිපි නිසා විශාල තීරුවක් ගැන අදහස් කළේ නැහැ. මීට වඩා ප්‍රමාණාත්මක ලිපි ලිවීම සඳහා මා වෙනම බ්ලොග් එකක් කරනවා “යදමින් බැඳ“ කියා. ඔබගේ යෝජනාව නිවැරැදි වූවත් මා මෙම බ්ලොග් අඩවිය භාවිතය අනුව එය කිරීම තරමක් අපහසුයි.

    එමෙන්ම, මාගේ ලැප් එකේ හැටියට තව තීරු පළල් කළ හැකි නමුත්, අනිත් අයගේ පරිගණකවලටත් ගැලපෙන්න ඕන නිසා මේ තිර විභේදනය භාවිත කරනවා.
    පැමිණීම සාඩම්බරයෙන් පිළිගන්නවා....

    ReplyDelete
  6. පැහැදිලිවම සිරිසේන මාත්තියට ගේම දෙන්න කරපු වැඩක් ඒක..
    කොහොම කවුරු උනත් ඔය ඔක්කොම එක වල්ලේ පොල්නේ.....

    ReplyDelete
  7. වැඩ දාන මිනිස්සුන්ට වැඩි ආයුෂ නැ.මම තවමත් ස්වභාවධර්මය විශ්වාස කරමි.ස්වභවාය ධර්මය තවමත් ජිවමානයි.එම නිසා ඒ රශ්මියට වැරදි කරන අය පිච්චෙනවා.එකයි ඇත්ත.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ඔබ දකින මානය සත්‍යය සැබෑය ...මෙම යථාර්ථය තේරුම් ගත ඔබ වැන්නවුන් අප රටේ බොහෝ පහල වේවායි පතමි .මන්ද එසේනම් දේශපාලන තක්කඩින් ,වෙසගනන් ,පුස්සන් කතිරය ගසා පාර්ලිමේන්තු යවන්නේ නැත .අද පාර්ලිමේන්තුව තුල සිටින්නෝ කවරෙකුද ...දේශපාලුවන්ගේ දු පුතුන් හට සුබ අනාගතයකි ..උන්ට ඉගෙන ගන්න බැරිනම් ..ඊට අපේම මුදල් ගෙවා උන්ව යවන්නේ ඔක්ස්ෆර්ඩ් ය. උන්ට රේස් තැබීමට මහා පාරවල් වසති ,උන්ට රුපවාහිනී ගුවන් විදුලි නාලිකා අරන් දෙති,කුඩු විකුණන එවුන් මාධ්‍ය හිමිකරයන් වී උන්ව රැකීමට සමත් ඔඩොක්කු මාධ්‍ය කුක්කෝ බිහි කරති .ලොකු ලොකු එවුන්ගේ ගොන් නාම්බන් , නැම්බියන් යන්නේ දිනකට 25.000 අයකරන හෝටල් වලටය .සමහරු රාත්‍රී සමාජ ශාලාවලය ...මහන්සි නොවී හාන්සිවී ලබාගත් ප්‍රතිපල අනුභාවයෙන් දේශපාලනයට පිවිසි නවක නිළි වෙසගනන් සම්භාහන සත්කාර සඳහා මිනීමරු කුඩ්ඩන් සමග යහන ගතවීමට සුපිරි රෝහල් වෙත යති ......උන් උන් අතර එහා මෙහා වන්නේ දිනකට ලක්ෂ ගණන් ය.මේ සල්ලි කාගේද ...? උන් උන් කෙළ ගනිති ....මාධ්‍ය ප්‍රකාශ එළිදක්වති.මෝඩ මාධ්‍ය රංචුව පැන පැන ඒවා ඉවක් බවක් නැතුව රට පුරා උන්ගේ මුද්‍රිත,සම්ප්‍රේෂණ ,අන්තර්ජාලීය විකාශනයන් හරහා රටේ අහිංසකයන්ට වපුරුවති ..
    ඉඳහිට එලි පහලියට යන මහා එකෙකු හොටු පෙරාගත් දරුවෙකු වඩා ගන්නේ රටට පෙන්නටය.මේ ළමයට කිසිදු අනාගතයක් නැතිබව උන්ගේ යටිහිත් දනිති ....පරම්පරා හත අටකට මෙහා අපේ අහිංසක දුපතෙකුගේ එකෙක් උඩට එනවා බොරුය ...මෙම යථාර්තය ය ..මේ පොඩි එකා වඩා ගැනීම ෆොටෝ ගන්නේ ,කැමරා කරමින් රට පුරා පෙන්වමින් කඩේ යන්නේද ගොන් තකතීරු මාධ්‍ය කාරයෝය.එක අතකින් එයට ඔවුනට දොස් තැබීම වැරදිය.වරද උන්ගේ නොවේ .....උන්ගේ ලොක්කන් උන්ගේ නිළය ,තානාන්තරය .රැකගැනීමට නම් යටතේ ඉන්නවුන් මෙසේ පිම්පි වැඩ සඳහා යෙදවිය යුතුය . හාවෝ රේස් එකට තබා කප් ගන්නේ නරියන්ය ...අද රජයේ මාධ්‍ය ආයතන වල ලොකු පුටුවල සිටින සියලුම හාල් පාරුවන් එතනට විත් ඇත්තේ දේශපාලුවන්ගේ දියුණුවට උරදුන් පිහිටෙනි ...උන් කාරණා මේ කෙරු මේ මහා වංචාවන් නිසා අප රටේ අනික් අහිංසකයන් සහ උන්ගේ හත්මුතු පරම්පරා පමණක් නොව උන්ගේ සංහතියටම කෙළවෙන බව දනිති,නොදන්නවා නොවේ නමුත් ජීවත් වීම සඳහා මෙසේ කල යුතුය ....
    කෙසේ වෙතත් මගේ අදහස් දැක්වීම දුර දිග ගියා වැඩිය ...කුඩා වපසරියකින් කිහිප දෙනෙකු හෝ දැනුවත් කිරීමට ඔබ ගන්න මහඟු වෑයමට මගෙන් ප්‍රණාමය .....
    මම
    සුමිත් ජයන්ත ඩයස්

    sumithdias@gmail.com

    ReplyDelete
  13. මා ඉහත දැක්වූ මගේ අදහස් නිසා ඔබට යම් හානියක් වේ යයි සිතේ නම කරුණාකර මගේ අදහස් දැක්වීම ඉවත් කරන්න....
    ස්තුතියි
    සුමිත්

    ReplyDelete
  14. ඔබේ අදහසෙන් මට මෙන්ම සමාජයට හානියක් නැත. බොහෝ දෙනෙක් සත්‍ය නෙදකින බැවින් සියලුදෙනාම එහි පව අඩු වැඩි සහිතව ගෙවමින් සිටිනවා.

    ReplyDelete

Followers

දැනුම, තාක්ෂණීක සහ විවිද

සාහිත්‍ය, විනෝද, සංකල්පනා2