Thursday, February 7, 2013

මනුතාපය නැවත කියෙවුවෙමි.

අද බොහෝ දෙනෙත් “සුජාත දියණී“ සිහිනයේ ඇලී ගැලී ගිලි සිටින මොහොතක, සමාජ යථාර්ථය දෙස නෙත් යොමා බලන්න. පාසලේ වියදම් කොටසක් දෙමාපියන් මත, ඒ ඔහුන්ගේ දරුවන් පාසැල් යන නිසා ද?
දරිද්‍රතාවයේ ගිළි සිටිනා මෙවන් දුවා-දරුවන් කොතෙක් ඇති ද....?
මේ හෙළි කරනුයේ එවන් සමාජ පැතිකඩක් නොවේ ද....?

උපුටා ගැනීම ‘දිවයින‘ 2013-02-07
රුපියල් 320 ක්‌ වටිනා පොල් ගෙඩි 8 ක්‌ අනුන්ගේ වත්තකින් අහුලා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වයස අවුරුදු 13 ක පාසල් ශිෂ්‍යාවක රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදාහරින ලෙස හොරණ වැඩබලන මහෙස්‌ත්‍රාත් මානෙල් ගුණතිලක මහත්මිය නියෝග කළාය.
පාසලේ තීන්න ගෑම සඳහා රුපියල් 800 ක්‌ පාසලෙන් ඉල්ලූ බවත් එය ගෙවා ගැනීමට තම දෙමාපියන්ට වත්කමක්‌ නොමැති බැවින් අසල වත්තකින් මෙසේ පොල් අහුලා ගත් බව ඇය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයේදී ප්‍රකාශ කළාය.
පැමිණිලිකරු වූයේ හොරණ අරමනාගොල්ලේ පදිංචි ************* නමැති අයෙකි.
පාසල් සිසුවිය වෙනුවෙන් නීතිඥ තුෂාර ගුණරත්න හා රොෂාන් දෙහිවල යන මහත්වරුන් නොමිලේ නීතිඥ සේවාව ලබාදීම ද විශේෂ සිදුවීමක්‌ විය. සිසුවිය දෙමාපියන්ට භාර දෙන ලෙස නියෝග කළ විනිසුරුවරිය ඇය පිළිබඳව පරිවාස වාර්තාවක්‌ කැඳවන ලෙස ද වැඩිදුරටත් නියෝග කළාය.
උපුටා ගැනීම අවසන්.

මෙම කතාව කියවද්දී ඔබට ආර්කේ නාරායන් ගේ මල්ගුඩි දවසක් කතාමාලාව සිහි නොවේද....?

පාන් ගෙඩියක් සොරකම් කළ වරදට වයස අවුරුදු 8 ක දරුවෙකුගේ අතක් වාහනයකට යට කළ ඉරානයේ සිදුවීම ඔබට මතක ද....?
ඔස්ට්‍රො-හංගේරියානු ආධිරාජ්‍යය විසින් 1918 මාර්තු 21 කුසගිනි නිසා දින ‘පාන්‘ සොරකම් කළ දරුවන් පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීම ඔබ අසා ඇති ද?
ප්‍රංශයේ කීර්තිමත් නවකථා කරුවෙකු වන වික්ටර් හියුගෝ (Victor Hugo) විසින් රචිත The Miserable හෙවත් සිංහල පරිවර්තනයට අනුව ‘මනුතාපය‘ යේ ප්‍රධාන චරිතය වන ජෝන් වැල් ජෝන් හෙවත් ‘ජනවර්ජන‘ සිය සොයුරියගේ දරුවා වෙනුවෙන් පාන් ගෙඩියක් සොර ගෙන මුහුණ දෙන සිදුවීම....

මේ අපට සිහි ගන්වනුයේ කුමක්ද....?
ඇය සොරකමට පොළඹවූ සමාජ යාථාර්ථය කුමක්ද....?

5 comments:

  1. මේ සිදු වීම් වලින් සංවේගයට පත් වීම නොව කල යුත්තේ මෙව සිදු වීම් වලට මග පාදන සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කිරීමයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත,
      සමාජ, ආර්ථික සහ දේශපාලන ගැටලු.

      Delete
  2. ගඳ ගහන ඇත්ත දැකිම අපි කරපු පවකි.පවතින නිතී පද්ධතිය තුල තව දුරටත් මෙවැනි සංතාප විඳිමට අපට සිදු වෙයි.නිදහස් අධ්‍යාපයද මේ?මුදලට යට වු සමාජ පසු බිමක් තුල සිටින අපේ මනස ජරාවට ඇඳ දැමිට වගකිව යුත්තන් වනුයේ අපි විසින්ම පත් කර ගත් ජනතා නියෝජිතයන් නොවේද?

    යහපත් ආකල්ප කෙසේ ගොඩ නැ‍ඟෙන්නද පවතින සාමාජ ආර්ථික රටාව තුල.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  3. අධිවේගී මාර්ග,සක්මන් මං පෙත් ආදියෙන් වැසී ඇති සැබෑ යථාර්තය මෙයයි.අසුචිවලක නිකට මට්ටමට ගිලී ඇති සමාජයකට මේවා නොදැනෙයි.

    ReplyDelete
  4. ඔබේ වෑයමට මගේ පැසසුම..

    ReplyDelete

Followers

දැනුම, තාක්ෂණීක සහ විවිද

සාහිත්‍ය, විනෝද, සංකල්පනා2