Wednesday, March 13, 2013

අමාත්‍යාංශ මාරු කළේ (සංශෝධනය) මක්කටැයි.



රුපියල් මිලියන 10 කට අධික වියදමක් ක්ෂය කර අමාත්‍යංශයට ගෙවදුන කණිජ නව තෙල් උතුමාණන් (අනුර ප්‍රියදර්ශණ) අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කළේ තෙල් මිල වැඩි (සංශෝධනය) කරමින්. එතුමන් අග විනුසුරුතුමියට එරෙහි දෝශාභියෝග නාඩගමේද හරි හරියට වෙහෙසිනි.

රටත් ජනතාවත් යන දෙපාර්ශ්වයම ගැනම දැඩි අවධානය යොමු කරන බව තෙප්පුලනමින් සිටි සහ එසේ කියමින් අළුත් පදවියේ වැඩ බාරගත් නව විදුලිබල උතුමිය (පවිත්‍රා වන්නිආරච්චි) දැන් තම මෙහෙවරට අත ගසමින් සිටී. එතුමිය විදුලිබිල වැඩි කර ජනතාව ඉතා සුඛිත මුදිත කිරීමට ගන්නා වෑයම තව නොබෝ දිනකින් ඵල දරාවි. නමුත්, තෙල් මිල වැඩි කළත් විදුලි බිල වැඩි නොකරන බව ඇය කීයුවේ නොරොච්චෝලේ සිරි නරඹමින් සිටි පසුගිය පෙබරවාරි 23 වන දින හෙවත් අදට දින 18 කට පෙරය. 

තාක්ෂණීක සහ පර්යේෂණ උතුමන්ට (පාඨලී චම්පික) මේ දිනවල හලාල් තාක්ෂණික අරගලය නිසා වැඩ අදික වී ඇත. එබැවින් තවම වෙනත් කිසිවක් වාර්ථා නොවේ.

පරිසර ඇමති උතුමන්ට (සුසිල් ප්‍රේමජයන්ත) ශ්‍රී පාදයේ හෙලිකොප්පර අංගන බලා සිටිය හැකිය.

ශ්‍රී ලංකාවේ සහ විදේශීය උක් සාරය පසුපස හඹා යන ජාතියේ සීනි උතුමන් (ලක්‍ෂමන් සෙනෙවිරත්න) ගේ වැඩ මේ සිංහල-හින්දු අළුත් අවුරුද්දේ අපට නොඅඩුව දැක බලා බලා ගත හැකියි.

සුරියප්පෙරුම මහතා දොරමඩලාවේදී පුටුවේ කෙළවර හිඳ ගනී. අනතුරුව මදක් ඉස්සී දෑත් දිගුකර හාස්‍ය උත්පාදනය කරයි. බලන්න හසන්ත මහත්තයෝ - මේකනම් පුදුම හිතෙන යුගයක් - මේකනම් පුදුමාකාර ආශ්චර්යක්....

10 comments:

  1. සුරියප්පෙරුම මහත්තයෝ මේක ආස්චර්යයක්!!! දෙකක් නෑ

    ReplyDelete
  2. බලන්න හසන්ත මහත්තයෝ අපේ යෝධ පැටවූ ටික එකතුවෙලා රට කන හැටි.

    ReplyDelete
  3. ආශ්චර්ය බලන්න කොළඹට වෙලා හිටියට බැරිය.සහනාධාර මතම යැපෙන්නට සිටින ජාතියක් කිසිදින දියුණු නොවනු ඇත. සහනාධාර මත නොයැපී කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියකට ජනතාව දායක නොවන තාක් අප ගමන ආපස්සටම ය.

    ReplyDelete
  4. ඔක හරියට බඩේ අමාරුවට ඇබයක් ගැහුවා වගේ

    ReplyDelete
  5. නලීන් අයියගේ මත්තල පෝස්ට් එක හරහා ආවේ. දුක් වෙනවා මෙච්චර කාලයක් මේ බ්ලොග් එක මිස් වුන එකට.

    සහනාධාර මත යැපෙන ආර්ථිකයක් දිගු කල් පැවැත්මක් නෑ..කියන එකට එකගයි. ඒත් පෞදගලික වාසි, පලි ගැනීම් ආදිය ඇරෙනකොට නිර්මලා කියනවා වගේ මේ සංශෝධනෙන් ඇති වෙන වැඩක් නෑ. කොටින්ම තිබුනටත් වඩා පහළ යෑමක් සිද්ධ වෙලා තියෙන්නේ. පාට කණ්නාඩි අහක දාන්න අපිට මතක් කරන නලීන් අයියා බලන්නෙම පාට කණ්නාඩියකින්. සංවර්ධනාත්මක විවෙචනයක් කරන්න පුළුවන් තැනක නොඉන්න නිසා ඒ ගැන තර්ක කරන්න එන්නේ නෑ. කොහොම වෙත්ත බම්බු සාපෙක්ෂතාවාදයෙන් රජය දිහා බලන එක නවත්වන්න ඕන, රටට සැබෑ සෙතක් අපේක්ෂා කරනවනම්.

    ReplyDelete
  6. විදුලිය දැන් සහනාධාරයක් නොවේනේ. නමුත්, මේ දිගින් දිගටම ජනතාවට කෙලවෙනුයේ දූෂණය සහ අක්‍රමිකතා ප්‍රධාන කරගත් කාරනා හෙතුවෙන්.

    ReplyDelete
  7. මගේ බ්ලොග් එකත් දාගන්න පුලුවන්ද ...?

    ReplyDelete
    Replies
    1. බැරි නෑ. විශේෂයෙන්ම මෙය මා විනෝදයට කළ දෙයකි.

      Delete
  8. නිර්මලා......ඇයි ඔයා දැන් ලියන්නේ නැත්තේ? මම මේ අහම්බෙන් මේක දැක්කේ.

    ReplyDelete
    Replies
    1. නොලියා සිටිනවා නොවේ. අධ්‍යයන කටයුතු සහ රැකියාවේ කර්යබහුලත්වය බාදාවක් වීම නිසාය.

      Delete

Followers

දැනුම, තාක්ෂණීක සහ විවිද

සාහිත්‍ය, විනෝද, සංකල්පනා2