Tuesday, January 22, 2013

3/2 ඡන්ද බලය දී පත් කළ ආණ්ඩුව....!



අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මස 11 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ විශේෂ සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 110ක්ද විපක්ෂව ඡන්ද 33ක් ලැබ වැඩි ඡන්ද 77න් අද (22) පාර්ලිමේන්තුවේ දීසම්මත විය.

එම කෙටුම්පතට විපක්ෂව ඡන්දය භාවිතාකර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය පමණි.

කිසිඳු නියෝගයක් නොමැතිව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පැය 48ක් රඳවා තබා ගැනීමට එම සංශෝධනය මගින් පොලීසියට බලය පැවරී තිබේ. මේ වෙනතුරු පොලිසියේ අත්අඩංගුවට ගෙන තබා ගත හැකි උපරිම කාලය පැය 24 ක් විය. එනම් පැය 24 ක් ඇතුළත ඔහු උසාවියකට ඉදිරිපත් කළ යුතු ය. නැතිනම් නිදහස් කළ යුතුය.

3 comments:

  1. ඔය පැය විසි හතර කිවිවට කොහොමත් කලිනුත් පැය 48 කට එහා තියා ගත්තා..
    මොකද ගෙනාපු වෙලාව අපේ රටෙ අකුරටම සටහන් වෙනවලුනෙ....
    අනේ මන්දා යුද්ධෙ කාලෙවත් නොතිබිබ දේවල් දැන් මක්කටද කියලා....

    ReplyDelete
  2. ඒ කියන්නෙ දැන් පැය 48ක් ගුටි කන්න ඕනද? අගෙයි අගෙයි බොහොම අගෙයි

    ReplyDelete
  3. මේ සින්ඩියට මගේ මේ බ්ලොගත් එක්කරන්න.
    http://samakayawate.blogspot.com

    ReplyDelete

Followers

දැනුම, තාක්ෂණීක සහ විවිද

සාහිත්‍ය, විනෝද, සංකල්පනා2