Sunday, February 3, 2013

සුජාත දියණී කළ විනය....!


“සුජාත දියණී“ කළ විනය අපේ බහුතරයකට තේරුම්ගන්න නොහැකි විය‍.  මේ එහි අනුටු ඵලයකි. විටෙක පුවත්පතතක ඔබේ දියණියට චංගුමීගේ ඇඳුම් මෝත්තර මසනා අයුරු සහ පතරෝම් ලබා දේ, තවත් පුවත්පකත් නිවසේ සිරියාකාන්තාව ලෙස ප්‍රදර්ශනය කිරීමට පෝස්ටරයක් ලබා දේ. ටියුෂන් මුදලාලිලාගේ වෙළඳ දැන්වීම් කළමනාකාරිය චංගුමි වේ. ළමුන්ට පොතේ අලවා ගන්න චංගුමී ස්ටිකර් ලබා දේවි.... 

රටේ පාලනය දෙස නෙත් යොමුවීම වැළකීමට, 
ද. කෝරියානු සංස්කෘතිය මේ රටට එබ්ඹවීමට,
ස්වයංව සිතීමේ වාරණය පෝෂණය කරවීමට,
මහත් සේ දායක වූ මෙය කුමන කලා කෘතියක් ද? කලාව යනු යථාර්ථය සෞන්දර්යාත්මක ලෙස මිනිස් මනසේ ප්‍රකෘත්තිමත් කිරීමකි. මේ කුමක් ද ....?

සුජිත දියණී, අපෙන් උදුරාගත් දෑ බොහෙමයි.
සුජිත දියණී විශ්‍රාම ගොස් හෙට අනිද්දා තවත් ටෙලි බයිලයක් දිගහැරේවි....

හ_ස_න්_ත......,
බලන්න අපේ රටේ ආශ්චර්ය....! මේකනම් පුදුම හිතෙන යුගයක්....! 


9 comments:

  1. කැද බිව්වත් යන එව්ව කෙලින් කියනව නම්, අපි මොනව කිව්වත් වැඩක්ද

    ReplyDelete
  2. කාලයෙන් කාලයට ලංකාවට මෙහෙම වෙයි.කාලයක් හින්දි.අපේ කලාව ශක්තිමත් නැති කමේ අතුරු ඵලද මන්දා.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  3. යමි දෙයකින් හොදක් නොදකින එයිනුත් ආර්ථික වාසි ගන්න මිනිස්සු ඉන්නකමි අපේ රටෙ කලාවක් කියලා දෙයක් ආයෙත් ඇති වෙන්නෙ නැහැ....

    ReplyDelete
  4. ඇඩෙනවා හසන්ත!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. තව ටික දවසක් යද්දී චන්ගුමි ගේ කක්කා කිව්වත් මාකට් කරන්න පුළුවන් වෙයි වගේ!

    ReplyDelete
  6. මේ මාකටින් වලට රැවටෙන පිරිසකුත් ඉන්නවනේ ඉතිං ..අනේ අපොයි ....!

    ReplyDelete
  7. අනේද කියන්නේ... ඔන්න ළඟදීම කුජීත දියණිද මොකද්ද එකක් එනවලු...

    ReplyDelete

Followers

දැනුම, තාක්ෂණීක සහ විවිද

සාහිත්‍ය, විනෝද, සංකල්පනා2