Monday, February 18, 2013

අනේ මන්දා ෴


පසුගිය කාල වකවානුවේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රොහල් සිද්ධි කිහිපයක් ම විය.

  1. තරුණියකගේ අතක් කැපීම.
  2. එම් ආර් අයි පරීක්ෂණයකදී දැරියක්හට සිදුවූ මාරක අනතුර.
  3. කාන්තාවක් ෆයිබ්‍රොයිඩ් ශල්‍යකරමයකට පසු මියාම.

දෙවන සිද්ධිය සඳහා දැනට අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ඇතත්, ඒ පිළබඳව දැන් අපට අසන්න ලැබෙන පුවතක් පෙන්වා දීමට කැමයිතියි. අදාළ සිද්ධිය පෙර වාර්තා කිරීමේදී මාධ්‍ය ආයතන පවා රෝහලේ නම භාවිත නොකර පෟද්ගලික රෝහලක් යන පොදු නම භාවිත කරනු ලැබුවා අපට මතකයි.

නවලෝක රෝහල පවසනුයේ, දැරිය කිසි ලෙසකින්වත් ස්කෑන් යන්ත්‍රයට ඇතුළු කර නැති බවත්, කුඩා කළ සිටම තිබෙනවා යැයි කියන වලිප්පුව රෝග තත්ත්වය ස්කෑන් යන්ත්‍ර කාමරයට ගෙන ගිය පසු මතුවීමෙන් පසු මතුවීමෙන් ඇය අසාධ්‍ය වී පසුව මිය ගිය බවයි. 

නමුත්, දැරියගේ මව පෙර පවසා තිබුණේ, (පුවත්පත්වල තිබූ පරිදි) යන්ත්‍රය තුළදී මෙම සිදුවීම වූ බවත්, දරුවා ඉන් ඉවතට ගන්නා විට නිල් පැහැ ගැන් වී තිබූ බවත්ය. පුවත්පත් වාර්තා අනුව ඔක්සිජන් සැපයුම අඩාල වී අනතුරට හේතුවූ බව පෙන්වා දී තිබුණි. දැන් මෙම එකිනෙකට පරස්පර පුවත් කියැවූ අප උස්සා පොළෝවේ ගැසුවා මෙනි. පළමු පුවත ද හරි දෙවන පුවත ද හරි? 

- - - - - - - - - - - - - - -
ඔබට පහත සිද්ධීන් මතක ද?
සමෘද්ධි නිලධාරියෙක් තමා විසින්ම ගස් බැඳ ගත්තායැයි පැවසීම,
ආරක්ෂක නිලධාරියෙක් තමා විසින්ම පෙරළි පෙරළී ගසා ගැනීම,

******************
සැබෑ මවු සෙනෙහස මුදලට / බලයට යටත් කළ නොහැකි බව මා සිතමි.
******************

15 comments:

  1. මෙවැනි සිද්ධි තුල අන්දොලනය අප අතර මිස බළධාරින් නිළධාරින් අතර නොවෙයි.විඳවිමත් අපිටමය.අපි වෙනුවෙන් කවුද?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ප්‍රවෘත්ති වාර්තාකරණයේනං කිසිම වගකීමක් නෑ මේ වෙනකොට... (ලංකාවේ)

      Delete
    2. හෑ එතකොට ඔයා අද දාපු නිවුස් එක ගැන මොකද කියන්නේ.

      Delete
    3. නලීන් අයියා..
      මට දෙන නිව්ස් එක මං දාන්න ඕනනේ...
      මගේ කැමැත්තට වැඩ කරන්න ඒක මගේ ආයතනයක් නෙමේනේ...

      Delete
  3. පොඩි එකාට හෙන ගැහුවත් ලොකු එකා ආරක්ෂා කිරීමේ මාධ්‍ය සදාචාරය ,නැති දේ ඇති කිරීමත්
    ඇති දේ නැති කිරීමත් ,ගොන් ආතල් විකිණීමත්
    මාධ්‍ය කඩකරුවා ගේ වර්තමාන ප්‍රතිපත්තියයි .

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය කරුවා යනු පඩි ලබන්නෙකි. එවිට සිදුවන්නේ පඩි ගෙවන මුදලාලිගේ කොන්ත්‍රාත්තුව ඉටු කිරිමකි. අපට නැත්තේ මාධ්‍ය භාවිතය ගැන ජාතික ප්‍රත්පත්තියකි

      Delete
  4. මටනම් දැනෙන්නේ මෙතනත් තුරුම්පු වසා ක්‍රීඩා කරනවා කියා.

    ReplyDelete
  5. ඔක ඔහොම වෙන්න හෙතු ගනනාවක් තියනවා. එකක් තමා මාධ්‍ය කරුවා යනු පඩි ලබන්නෙකි.අනික සල්ලි හෑමදෙම පාලනය කිරිම. මනුස්ස කමට වඩා එ හේතු ප්‍රබල වෙලා.

    ReplyDelete
  6. මම මේ ගැන කලින් කිව්ව නිසා නොකිය ඉන්නයි හැදුවේ.. ඒත් කියන්න ඕන ඔය මොන ලොකු ස්කෝලේ, ආනන්ද, නාලන්ද, රෝයල් වගේ ලොකු කැත වැඩක් උනත් ඒක පත්තරේ යන්නේ පොඩියට. ඒ වගේම නම බේරගන්න කස්ටිය උත්සාහ කරනවා. ඒත් පොඩි ඉස්කෝලෙක නිව්ස් එකක් ලැබුනොත් අලගිය මුලගිය තැන් ඉදලම දානවා. මේකට කියන්නේ පාසැල් භක්තිය කියල හින්දා ඒක අවුලක් නෑ.. ඒත් මාධ්‍යකරුවන්ගෙන් ඊට වඩා ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවගේ සිතුවිලි වලට වඩා වෙනස් වූ ස්වාධීන දෙයක් අපි බලාපොරොත්තු වෙනවා.. වැඩිය ඕන නෑ.. මහරජාගේ එක වරදක් දානවැයි ඔය දිනමින අයියල නෑනේ.. ඇත්ත තත්වය ඒකයි.. මේක මේ කාටවත් ගහන්න කිව්ව නෙමෙයි ඇත්තයි කියන්නේ..

    ReplyDelete
  7. මෙව්වා ගැන කතා කොරන්නපරිස්සමෙන් සුදු වෑන් වලින් පරිස්සම් වෙන්න. ආයෙම පටන්ගේනලු.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  8. හ්ම්ම්.. අනේ ද කියන්නේ.

    ReplyDelete
  9. අම්මාටත් මුදල් දීලා රෝහල් කාරයෝ වචනේ වෙනස් කරයි.

    ReplyDelete
  10. මේ හැම සිද්දියක්ම අපිට මතකයි. මොකක් කියල කරන්නද?. දේශපාලකයෝන්ගෙන් ඉගනගත්තු අමුනුස්ස ගති.

    අලුත්ම දේ මාතර වෛද්‍ය වරු අකුරට වැඩ. මාද්‍ය මගින් එයාලට දොස් කියනවා කියල. අහිංසක රෝගීන් එකට පළි..

    ReplyDelete
  11. මොන දේ උනත් අන්තිමේ විනාශ වෙන්නේ අහිංසක මිනිස් ජීවිත ඒකයි කනගාටු

    ReplyDelete

Followers

දැනුම, තාක්ෂණීක සහ විවිද

සාහිත්‍ය, විනෝද, සංකල්පනා2