Sunday, March 3, 2013

එහෙත් හරි වැස්ස - මෙහෙත් හරි වැස්ස....

 
දින කිහිපයක විරාමයක් ගැනීමට පෙර පසු ගිය දිනක (2013 මාර්තු 01) දකුණු අප්‍රිකාවේ Pretoria නගරයේදී පොලීසියක මිලේච්ඡත්වය පෙන්නුම් කිරීමක්පිළිබඳව සටහනනක් තැබීමට සිතුවෙමි.
ඉහත රූපයේ දැක්වෙනුයේ දකුණු අප්‍රිකාවේ Pretoria නගරයේදී පොලිස් නිලධාරීන් 8 දෙනෙකු මැදිහත්ව Mido Macia නම් 27 හැවිරිදි ටැක්සි රියදුරා පොලිස් රථයේ බැඳමාර්ගයේ ඇදෙගෙන යාමේ සිද්ධියේ ආසන්න අවස්ථාවකි. කි. මී. 3 ක පමණ දුරක් ඇදගෙන ගොස් ඇති අතර, ඔහු එදින ශරීර අභ්‍යන්තර කොටස්වලට හානි සිදුවීම හේතුවෙන් මරණයට පත්විය.
http://gulfnews.com/news/world/south-africa/dragged-man-case-8-officers-suspended-1.1152545

http://www.youtube.com/watch?v=2ZDHZloCZ5k    (විඩියෝව)



ඉහත රූපයෙන් දැක්වෙනුයේ වයස අවුරුදු 26 ක් වූ බල්වබාම් සිවකුමාර් (Balawarnam Sivakumar) යන අය හට 2009-11-03 ශ්‍රී ලංකාපොලිසිය විසින් පහර දුන් අවස්ථාවය. අවසානයේ ඔහු පහර දීමෙන් බේරීමට මුහුදට පනී. එහදී ද පෙරළා පහර දෙන අතර, අවසානයේ ඔහුමරණයට පත් වේ. ඔහු මානසික රෝගියෙකි. මෙම පහරදීමේ විඩියෝ පට ඔබ එම දිනවල දී රූපවාහිනියෙන්ද දකින්න ඇති. පහරදීමටහේතු වූයේ දුම්රියකට සහ වෙනත් වාහන කිහිපයකට ගල් ගැසීමය.
http://lankapolity.blogspot.com/2009/11/colombo-tamils-protest-public-killing.html.
http://www.thesundayleader.lk/2009/11/07/in-search-of-justice-for-a-dead-brother
සුනාමි අවස්ථාවේ වතුරේ ගිලෙමින් සිටි තරුණියකගේ මාලයක් කඩා ගැනීම මෙන්, මෙම සියලුම අවස්ථා මිලේච්ඡ නොවේද....

7 comments:

  1. බලන් ගියහම පොලෝසියේ උන් ඔක්කොම එකයි.

    ReplyDelete
  2. ඔව් ප්‍රජාතන්ත්‍රවාදීන් විදියට එය සාදාරණ දෙයක් බව කිව්වොත් ඔබ උරණ වෙනවාද?? හෙහ්.. ඕං ඔය පොදු සංවේදනය ගැන මගේ කතාව අද දෙන්නංකෝ...

    ReplyDelete
  3. ලංකාවේ අපේ පොලිසිය...නොවැ!

    ReplyDelete
  4. හ්ම්ම්... මානසික රෝගීන්ටත් පහර දෙන උන්ට ඊටත් වඩා ලොකු මානසික රෝගයක් තියෙන්න එපයි..

    ReplyDelete
  5. ඕක සාමාන්‍ය දෙයක් ‍. මිලෙච්ච වෙන්නෙ සාපෙක්ශවනෙ. අපි පිස්සෙක් කියන්නෙ සමන්ය මිනිස්සු 1000ක් එක්ක එක පිස්සෙක් හිටියහමනෙ . එත් පිස්සො100 එක්ක එක මනුස්සයෙක් හිටියොත් කව්ද පිස්සා? ඔය හමදේම දෙපතක් තියනව හිතන්න.

    ReplyDelete
  6. ඔහුව ග්‍රහණයට ගන්න ඕනේ නම් ශිල්පීය ක්‍රමයක් භාවිතා නොකර මේ විදිහට පහර දීම ම්ලේච්ඡ ක්‍රියාවක් තමයි. අනෙක ඔහු නිරායුධ පුද්ගලයෙක්.

    ReplyDelete

Followers

දැනුම, තාක්ෂණීක සහ විවිද

සාහිත්‍ය, විනෝද, සංකල්පනා2